වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම, කොළඹ 07 සිංහ සමාශාලාවේ දී 2025 පෙබරවාරි මස 23 වන ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වුනි. මෙවර මහ සමුලුව ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුනි. විධායක කමිටුවට අළුතින් සාමාජිකාවක් සහ සාමාජියෙකු සම්බන්ධ විය.

අප සංගමයේ ජේෂ්ඨ සාමාජිකා (සා අංක 04) උසුලා විජේසූරිය මහත්මිය වසර අනු තුනක කාලයක් ආයු වළඳා 2025 අගෝස්තු මස 07 වැනි දින අප අතරින් වෙන්වූවාය. නාලන්දා පුතුන් දහස් ගණනක ගේ දෑස් පෑදූ ආදරණීය ගුරු මෑණියනි, ඔබට නිවන් සුව !
2025 වර්ෂයේ නාලන්දා
විද්‍යාලයීය විශ්‍රාමික ගුරු සංගමය මෙහෙයවන අධ්‍යාත්මික වැඩ
සටහන මෙවරත් වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ දී, එහි
විහාරාධිපති සහ කොට්ටේ පාර්ශවයේ උප ප්‍රධාන සංඝ නායක වතවන
සිරිසුමන මහා ස්ථවිරයන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ මැයි මස 31
වැනි සෙනසුරාදා දිනයේ දී සිදු කරනු ලැබීය.
එදින පෙරවරු 8.30 සිට
පෙරවරු 9.00 දක්වා පූජ්‍ය වතවන සිරිසුමන ස්වාමීන්ද්‍රයයන්
වහන්සේගේ මූලිකත්වයෙන් බුද්ධ පූජාව පවත්වා වැඩ සටහන ආරම්භ විය.
පෙරවරු 9.00 සිට
පෙරවරු 10.30 දක්වා රත්මලාන ධර්ම පර්යේෂණාධිපති රාජකීය පණ්ඩිත
පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම සාකච්ඡාව
මෙහෙයවනු ලැබීය.
අනතුරුව පෙරවරු 10.30
සිට පස්වරු 12.00 දක්වා. රාජකීය පණ්ඩිත පූජ්‍ය බද්දේගම
වංශාලංකාර ස්වාමීන්ද්‍රයයන් වහන්සේ අධ්‍යාත්මික සහ භාවනා වැඩ
සටහන මෙහෙයවනු ලැබීය.
පස්වරු 1.30 සිට
පස්වරු 3.00 දක්වා කාලයේ දී කථා සහිත දේශනයක් සහ
සාකච්ඡාවෙන් අනතුරුව වැඩසටහන අවසන් විය.
මෙවර ද පසුගිය වසරේ
මෙන් මෙම ආගමික වැඩ සටහනේ සියළුම බරපැන දරන ලද්දේ,
වර්ෂ වල නාලන්දා විද්‍යාලයේ සිටි ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලය
වන
යුදේශ් ගුණරත්න
විදුර ද සිල්වා
භානුක විජේසුන්දර
ගෙහාන් විජේසිංහ සහ
කණිෂ්ක අලුවිහාරේ යන පුතණුවන් විසිනි. එම
නාලන්දා පුතණුවන් වෙත අපගේ ආදර ගෞරවය පිරිනැමේ
.
.
වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික සහද හමුව, නාවල කොස්වත්තේ අංක 166 POulant river Face Hotelහි දී 2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වේ.
මෙම වසරේ සංගමයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විවිධාකායෙන් දායක වූ නාලන්දා පුතුන් සමූහයකි.
උදාර විදානගමගේ, උදිත ජයසිංහ, කණිෂ්ක අළුවිහාරේ, කලණ කොතලාවල, කලණ දසනායක, කාශ්‍යප ද සිල්වා, ගිහාන් ලහිරු විජේසිංහ, චින්තන රණවීර,
තරිඳු නයනශාන්ත කුමාරගේ, නිහාල් පතිරගේ, පාරින්ද බුලත්සිංහල, පාරින්ද සමරසිංහ, ප්‍රමුදිත ගයාශාන් , භානුක විජේසුන්දර මිලින්ද වීරසිංහ, යුදේෂ් ගුණරත්න,
රමල් සිරිවර්ධන, ලාල් රොද්‍රිගු, වරුණ රත්නවීර, විදුර ද සිල්වා, සංජීව පෙරේරා, සමන් ජිනදාස, සමීර ලලිතාංග ඒකනායක, සිසිර ගුණවර්ධන, සිසිර දාබරේ, සුමුදු පෙරේරා,
හසන්ත කොඩිතුවක්කු, හිරාන් ජයතුංග, හේෂාන් පාදුක්ක යන නාලන්දා පුතනුවන්ට අපගේ ආදර ගෞරවණීය ස්තූතිය හිමි වේ.
.
One day trip
එක් දින චාරිකාව.
අධ්‍යාත්මික වැඩ සටහන
වාර්ෂික බෝධි පූජාව සහ දානමය පිංකම.
වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරය.
තෙදින චාරිකාව
Medical Clinic
වෛද්‍ය
සායනය
කඳුබොඩ පිංකම
වාර්ෂික සුහද හමුව.
රාජගිරිය වික්ටෝරියා නිවාසයේ දානමය පිංකම.